අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වුනා.ඒ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වූ වෙරළ තීරය පවිත්‍ර කරමින්.

මෙම කටයුත්ත සඳහා ඇතැම් පිරිස් ස්වේච්ඡාවෙන්ම එක්ව සිටි අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ශාන් ද ඒ අතර වීම කැපී පෙනුනා.ඔවුන් දෙදනාද වෙරළ තීරය පිරිසිදු කිරීමට දායකවී සිටිනු දක්නට ලැබුනා.

මේ පිලිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය මහතා පවසා සිටින්නේ පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ නව රජයේ ක්‍රියා පිලිවෙතට සහයෝගය දක්වමින් තමන් සහ තිලකරතන් දිල්ශන් ඊට එක් වූ බවයි.

Leave a Reply

  Subscribe  
Notify of