පසුගියදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී රජයේ ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙත ගැන පැහැදිලි කරනු ලැබුවා.ඒ අනුව දේශපාලනයේදී උදවු කල පමණින් කිසිවෙකුට තනතුරු ලබා නොදිය යුතු අතර පත් කරනු ලබන සියලූම දෙනා උගත් බුද්ධිමත් පුද්ගලයින් විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ.

එම පත් කිරීම් ජනාධිපතිතුමා යටතේ සිටින විශේෂ කමිටුවකින් අනුමත කරනු ලබන අතර එම කමිටුවට දැනට යෝජිත නම් මේ වන විට අනාවරණය වී තිබෙනවා.හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,සුසන්ත රත්නායක,නාලක ගොඩහේවා සහ ඩයන් ගෝමස් යන මහත්වරුන්ගෙන් එම කමිටුව සමන්විත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදී රජයේ ආයතනවලට පත් කරනු ලබන සියලූම ප්‍රධානීන්ගේ සුදුසුකම් මෙම කමිටුව විසින් පරීක්ෂා කරනු ලබන අතර කිසිඳු අමාත්‍යවරයෙකුට තම හිතු මනාපයට දේශපාලන පත් කිරීම් සිදු කිරීමට නොහැකි වනවා.

Leave a Reply

  Subscribe  
Notify of