මාර්ග පුවරුවල දෙමළ භාෂාව ඉවත් කල අයට වැඩ වරදී..අගමැති මහින්දගෙන් දැඩි තීරණයක්

ජනාධිපතිවරණයෙන් අනතුරුව පානදුර සහ කෙරවලපිටිය ප්‍රදේශයේ ඇතැම් අතුරු මාර්ගවල නාම පුවරුවල ද්‍රවිඩ භාෂාවෙන් සඳහන් කර තිබූ කොටස ඉවත් කර තිබෙනු දක්නට ලැබුනා.මේ පිලිබඳව එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාද රජයට චෝදනා කලේ මෙය ආණ්ඩුවේ අනු දැනුම ඇතිව සිදුවූවක් බවට චෝදනා නගමින්.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිලිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ව අත් අඩංගුවට ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.එමෙන්ම ඔවුනට එරෙහිව තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයිද මහින්ද රාජපක්ශ මහතා නියෝග කර තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of