අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග විවිධ විමර්ශන කටයුතු මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සිය දරු පවුල සමග අද (24) දහවල් ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ විවිධ තරාතිරම් වල දේශපාලඥයින්ට එරෙහිව දේශපාලන බලපෑම් මත පරීක්ෂණ පවත්වා ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ ඔහුගේ බිරිඳ සහ දරු දරුවන් තිදෙනාද අද දහවල් 12.50ට ස්විට්සර්ලන්තයේ සුරිච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් WK – 0065 දරන ගුවන් යානයෙන් බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

Leave a Reply

  Subscribe  
Notify of