සජිත්ට පක්ෂ නායකත්වය දී රනිල්ට විපක්ෂ නායකත්වය දීමේ සූදානමක් ! කරූ නිහඬයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දීමේ සූදානමක් පිලිබඳව තොරතුරු වාර්තා වනවා.රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය හිතවතුන්ට පවසා ඇත්තේ තමන් දේශාපලනයෙන් සමුගැනීමට වුවද සූදානම් බවයි.

එමෙන්ම මහ මැතිවරණය තෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමටද එහිදී යෝජනා වී ඇති අතර පක්ෂයේ ප්‍රබල තනතුරක් නවීන් දිසානායක මහතාට ලබා දීමටද යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර කරූ ජයසූරිය මහතාට ඉදිරි මැතිවරණය තෙක් පක්ෂයේ නායකත්වය හෝ ඒ හා සමාන වගකීමක් භාර දීමට විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා පැමිණ තිබුනද ජයසූරිය මහතා ඒ පිලිබඳව එතරම් උනන්දුවක් නොදක්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙහිදී අදහස් පලකර ඇති වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තරුණ නායකයින් මීට වඩා ඉවසීමෙන් කටයුතු කල බවයි.තමන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමට ඉවසීමෙන් කාලයක් තිස්සේම බලා සිටි බව ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of