මෙතෙක් කාලයක් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවී කටයුතු කල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව දැනට ඔවුන් විපක්ෂය නියෝජනය කරන අතර 2001 වසරෙන් පසුව ඔවුන් ආණ්ඩුව නියෝජනය නොකර විපක්ෂයේ සිටිනා පලමු අවස්ථාවද මෙය වනවා.

ඉදිරියේදී පවත්වන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී තරඟ කලද ඉන් පලක් නොලැබෙනු ඇති බවයි එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය නියෝජනය කරන බහුතරය පවසා ඇත්තේ.ඒ අනුව දැනට වැඩි බලයක් සහිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවන බවයි මවුරට වෙබ් අඩවියට වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණයට ඉදිරිපත් වීම පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී ඔහු සමඟ සාකච්චා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා පවසා තිබෙනවා.

දිවයින පුරා සිටින තම පාක්ෂිකයින් සමඟද මේ පිලිබඳව සාකච්චා කොට ඔවුන්ගේ අදහස් ද ලබා ගැනීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Leave a Reply

  Subscribe  
Notify of