එජාපයේ අගමැති අපේක්ෂකයා මම නෙවෙයි.-කරූ කියයි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා තමා බවට පලවන වාර්තා වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.එමෙන්ම ඉදිරි මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම තමන්ට භාර දුන් බවට ඇතමුන් විසින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ඔහු කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ මධ්‍යස්ථ භූමිකාව ඉදිරියටද රැගෙන යන බවයි.

පක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් හෝ වගකීම භාර දීමක් පිලිබඳව කිසිවෙකුත් තමන් සමඟ මේ දකවා සාකච්චා කර නොමැති බවද ඔහු අවධාරණය කරනවා.

Leave a Reply

  Subscribe  
Notify of