මම හිතාගෙන හිටියේ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා-ජෝන්

පරාජයෙන් අධෛර්යට පත් නොවී ඊළඟට එළඹෙන මහ මැතිවරණය සඳහා සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

අද ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අවාසනාවන්ත ලෙස මෙවර ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට පරාජයට පරාජය වීමට සිදු වුවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද 10 000කින් හෝ ජය අත්වනු ඇතැයි තමා සිතා සිටි බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව කැබිනට් මණ්ඩලයට සුබ පතන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජයග්‍රහණය ලැබීම පරාජයට පත්වීම ප්‍රධාන පක්ෂ 2ටම පොදු වූවක් වන බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

  Subscribe  
Notify of