අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් අද දවසේදී ඉවත්වීමත් සමඟ පුරප්පාඩුවන කැබිනට් මණ්ඩලය වෙනුවට භාරකාර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.ඒ අනුව එහි අමාත්‍යවරුන්ගේ ගණන 15කට සීමා වනු ඇති.

එමෙන්ම භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනැමීමට ද තීරණය කර තිබෙන අතර ඒ පිලිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය සහ ඉදිරි කටයුතු පිලිබඳව සාකච්චා කිරීමට නියමිත අතර එජාප මනත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම සහ මෙම අවස්ථාවේදි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් එය එජාපයට මුහුණ දීමට අපහසු වනු ඇති බවටයි.

එමෙන්ම ශ්‍රීලනිපය ද මැතිවරණයකට සූදානම් නොමැති බව පවසා තිබෙනවා.

එහෙත් පොදු ජන පෙරමුණ පවසා සිටින්නේ රටේ ජනමතය පැහැදිලිව පෙනෙන වටපිටාවක පාර්ලිමේන්තුව තුලද බහුතර ජන මතය නිරූපනය විය යුතු බවයි.

Leave a Reply

  Subscribe  
Notify of