තමන් ඇතමුන් පවසන පරිදි කිසිම කොන්දේසියකට යටත් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.අද පැවති ජන රැළියක් අමතමින් අදහස් පල කල ඔහු එහිදී කියා සිටියේ තමන් කිසිඳු පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක කොන්දේසියකට යටත් නොවන බවයි.

තමන්ට අපේක්ෂකත්වය ලබා දෙන විටත් සමහරුන් තමන්ට කොන්දේසි දැමීමට උත්සාහ කල ද තමන් කිසිම කොන්දේසියකය යටත් නොවූ බවයි ඔහු කියා සිටියේ.එමෙන්ම රට වෙනුවෙන් මිය ගිය පියාගේ ආත්මය කිසිම වෙලාවක පාවා නොදෙන බවත් ඔහු කියා සිටියා.

Leave a Reply

  Subscribe  
Notify of