එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ නායකත්වයට සුදුසු වන්නේ වජිර අබේවර්ධන මහතා බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ පැවසුහ.

හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළහ. එජප වත්මන් නායකත්වය ඉල්ලා අස්වීමට ගෙන ඇති තීරණයත් සමග එම පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බැවින් ඒ පිළිබඳව මනා දැනුමක් ඇති කෙනක් නායකත්වයට පත් කළ යුතු බවත් මහා නා හිමියෝ සඳහන් කළහ .ඒ සඳහා පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් , විධායක සභාව නියෝජනය කරන්නෙක්, පක්ෂය වෙනුවෙන් කැපවී සිටින තරුණයෙක් වශයෙන්
වජිර අබේවර්ධන මහතා නායකත්වයට සුදුසු බව උන්වහන්සේ පැවසුහ.

මෙහිදී වජිර අබේවර්ධන මහත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පසුගිය කාලයේ එජාපයේ ඇතිවූ තත්වයත් සමග මේ රටේ මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ අදහස්ලබාගෙන් අපිනායකත්වයට සුදුස්සෙක්තොරාපත් කර ගත යුතුයි. 1977 සිටම ජේ ආර් ජයවර්ධන මැතිතුමා ධර්මිෂ්ඨ සමාජයක් සඳහා තමයි මේ පක්ෂය ගෙන ගියේ .2018 ජවනාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන තෙක් රටපුරා මැතිවරණ වේදිකාවල පෙරමුණ ගත්තේ මාදුළුවාවේ සෝභිත නාහිමියෝය. ඒ වගේම මෙවර අපට තිබෙන පාර්ලිමේන්තු අසුනට සුදුසු පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කියත පක්ෂයේ මතයයි. එතුමා නොයනවා නම් ඒ සඳහා සුදුස්සා කවුද කියන තීන්දුවත් එතුමා ගත යුතුයි. බලය අහිමි වුණාම පේනවා ප්කෂය ස්ථාවර නෑ වගේ කියලා. බලය ලබා ගන්න බැහැ කියපු රනිල් වික්‍රමසිංහ මහතා 2001 දී බලය ලබා ගත්තා. එළවන බෑ කියපු රාජපක්ෂලා 2015 දී එලවන්න කටයුතු කළා.