ඔබ මා දන්නා පරිදි 1505 සුද්දන් ගේ ආක්‍රමණය පසු අලි ඇතුන් වැඩිම ගණනක් ඝාතනයට ලක්වුයේ 2015 න් පසු යහපාලන අවදියේය.දල ඇතුන්ට ඉතා සුභ නොවූ කාලයක් 1988 ආර් .ප්‍රේමදාස මහතා බලයට පත් වී සිටින කාලයේදී පවා අත්විදින්නට සිදුවිය .දිවංගත ආර් .ප්‍රේමදාස මහතා ඇත් දළ දෙකක් මැද පුටුවක අසුන්ගෙන සිටින ඡයාරුපයක් ඔබ ඇස ගැටිමෙන් ගම්‍ය වන්නේ ප්‍රේමදාස පවුල කොතරම් ඇතුන්ගේ අභරණ වලට ආදරය දැක්වුවද යන්න පසක් වේ.1990 දශකයේදී ප්‍රේමදාස මහතාගේ පවුලේ අයට අසාමාන්‍ය ආශාවක් තිබුණි එය නම් ලංකාවේ අලි ඇතුන් ගැවසෙන වනෝද්‍යානය වලට ගුවන් හමුදාවට අයිති හෙලිකොප්ටරය පහත් කරමින් අලි ඇතුන් එළවීම හා ඡයාරුප ගැනීම බෙහෙවින් කෑදර ලෙස ප්‍රිය කල අතර ඇතුන්ගේ දළ හා දත් එකතු කිරීමටද ප්‍රිය කළේය.මෙම ක්‍රියාදාමයට වඩා යම් යම් බිහිසුණු සිද්ධීන් වනාන්තර තුල සිදු වූ බවට ඔහුගේ කාය ආරක්ෂකයකු මාර්ගයෙන් අපට වාර්තා විය .2015 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ පසු ද මේ හා සමාන අභිරහස් ලෙස ගල්ගමුවේ දළ පුට්ටුවා ,උඩවලවේ මුගලන් ,සිතුල්පව්වේ තිලක් හා තනි දළයා වැනි ලංකාවටම අභිමානයක් ගෙනා හස්තිරාජයන් එකා පිට එකා ඝාතනය වන විට ප්‍රබල ජනාධිපති අපේක්ෂකයකු හා ඔහුගේ කැබ් රථ ඇතුන් ඝාතනය වන්නට දින කීපයකට පෙර එම රක්ෂිතවල සැරිසරා ඇති බවටත් සලකුණු අනුව ගමන් කර ඇති බවට (Google Tracking ) දැනට අනාවරණය වෙමින් පවතී .1988 ජනපතිවරණය සමයේද හෙලිකොප්ටරයක් යන විට වැලි වැටීම අසාමාන්‍ය ජෝතිර්වේදී ක්‍රියාවන් හා සමානවම 2019 ජනපතිවරණ සමයේ හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හතක් විස රසායන ශරීර ගතවී මියගිය බවට දැනටමත් අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඊට පෙර දින එම රක්ෂිතයේ සැරිසැරීම පිළිබඳව ජවිපෙ නාමල් කරුණාරත්නද මාධ්‍ය ප්‍රකාශයන් සිදුකළේය.තවමත් පරීක්ෂණවල ප්‍රගතියක් දක්කනට නොමැති අතර ඇතුන් ඝාතනය වීමට දින කීපයකට පෙර ඉන්දියානු මලයාලම් නැකත්කරුවන් කීප දෙනෙකු ලංකාවට පැමිණි බවට අපගේ වාර්තාකරුවන් ට අනාවරණය කර ගැනීමට හැකිවිය. 2015 යහපාලන කාලය තුල පමණක් වනජීවී සංඛ්‍යාලේඛනවලට අනුව අලි ඇතුන් 117 කට අධික ප්‍රමාණයක් රට තුල වෙඩි තැබීම හා විවිධ හේතු මත මරුමුවට පත් වී ඇත

Leave a Reply

  Subscribe  
Notify of