මෙවර කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනෙකුගේ නම් තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර සහ තමන්ගේ නම එසේ යෝජනා කර තිබූ බවද ඔහු පවසයි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේදී සලකා බැලිය යුතු පිළිවෙළ තමන් පැහැදිලි ව පෙළගස්වා ලබාදුන් වුවත් ඒ අනුව එහි මුලින්ම ඇතුළත් කර තිබුණේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇමතිවරයා උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර ඇත.

ජයසේකර මහතාට මෙවර හිමිව ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.