මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කරමින් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා ජයග්‍රහණය කලා.

පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතව සිටියද ඔහු ඊට පෙර කල දිවුරුම් දීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මියගිය කොටි සාමාජිකයන්ගේ ස්මාරකය අභියස ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම කටයුත්ත පසුගිය 13දා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ 20 වෙනදා නියමිත දිවුරුම් දීමට ප්‍රථමවයි.

මෙම අවස්ථාව සඳහා හිටපු තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකුද සහභාගී වී තිබෙනවා.

එහිදි විග්නේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පළමුව තමන් යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් එම ස්ථානයේ පූජාවක් පවත්වන බවට පොරොන්දු වූ බවයි.