ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මෛත්‍රීට නියෝජ්‍ය අගමැතිකම ?

පසුගියදා නිමාවුනු මහ මැතිවරණයේදී පොලොන්නරුවේ මනාප ජන්ද ගනන් කිරීමේ කටයුතු සිදුවෙන අතරතුර දේශපාලකයින් එක් වී සුහද කතා බහක නිරත වී තිබෙනවා.

එහිදී පොලොන්නරුවෙන් ජයග්‍රහණය කල එජාප අපේක්ෂකයා ද මෛත්‍රීපල සිරිසේන මහතා සමඟින් සුහද කතා බහක නිරත වෙමින් සිටින අතරතුර හිටපු ජනපතිගෙන් විමසා ඇත්තේ “පාර්ලිමේන්තුවට ගිය පසුව කුමක් කල යුතුද යන්නයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ වරප්‍රසාද කට පාඩම් කරගන්නා ලෙසයි “.

“ඉස්සෙල්ලම ගිහිල්ල ස්ථාවර නියෝගයි වරප්‍රසාදයි කටපාඩම් කර ගන්න. ඊළඟට අතන මෙතන රස්තියාදු නොවී පුස්තකාලෙට ගිහිල්ල පරණ වාර්තා කතා කියවන්න. හැමදාම සභාවට යන්න. කාරක සභාවලටත් යන්න. කවුන්සිලේ ඕනම පක්ෂයක ඉන්න ආචාර්ය මහාචාර්ය මන්ත්‍රීල ඇමැතිල හමුවෙලා කතා කරන්න””

යනුවෙන් එතුමා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.