සුරේෂ් රාඝවන් ට එරෙහිව කට කතා පතුරුවනුයේ කොළඹ ක්‍රිකට් වලට සම්බන්ධ පුද්ගලයෙකු බව හෙළිවේ
සුරේෂ් රාඝවන් ට එරෙහිව කට කතා පතුරුවනුයේ කොළඹ ක්‍රිකට් වලට සම්බන්ධ පුද්ගලයෙකු බව හෙළිවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවට තේරී පත් වූ සුරේෂ් රාඝවන් මහතාට එරෙහිව විවිධ ප්‍රචාරයන් පතුරුවා හැරීම පිලිබඳව පක්ෂයේ නායකයින් තොරතුරු සොයා තිබෙනවා.

මෙහිදී අනාවරණය වී ඇත්තේ සුරේෂ් රාඝවන් මහතාට එරෙහිව මෙලෙස පතුරුවන බොහොමයක් ප්‍රචාර සාවද්‍ය බවයි.

මෙම සිදුවීම පසුපස සිටිනුයේ කොළඹ නියෝජනය කරන ක්‍රිකට් වලටද සම්බන්ධ හිටපු මන්ත්‍රීවරයකු බවට එහිදී හෙළිව තිබෙනවා.

නමුත් මෙම පුද්ගලයාද මෙලෙස අසත්‍ය ප්‍රචාරයන් සිදුකරගෙන යන්නේ තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට නොව

වෙනත් අයෙකුව පත් කිරීමට බවයි කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

Source-Deshaya news paper