මැතිවරණයෙන් පරාජයට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා අපේක්ෂකයෙකු සිදු කල ක්‍රියාවක් පිලිබඳව තොරතුරු වාර්තා වනවා.

ඔහු කලක් මහින්ද රාජපක්ෂ මහතාට පුද්ගලිකව සහාය දෙමින් කටයුතු කල අයෙකු වන අතර ඔහුගේ ඇතැම් “පන්ඩිත”කතා නිසා ජනතාව ඔහුව මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප කොට තිබුනා.

ඔහුගේ පියාද කලක් මෙරට දේශපාලනය නියෝජනය කල අයෙකු වන අතර ගෙවුනු මැතිවරණ සමයේදී “නරි හූ කීමකට”අදාළවද ඔහුගේ නම ගෑවී තිබුනා.

කෙසේ වෙතත් මැතිවරණය පරාජයට පත් වීමෙන් අනතූරුව මෙම තරුණ අපේක්ෂකයා ,ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පුරවාගත් බස් රථයකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමු වීමට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු ඉල්ලා ඇත්තේ තමාට ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබා දෙන ලෙසටයි.

මේ බව ඇසීමෙන් කෝපයට පත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා හමු වී ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසටයි.

මහින්ද රාජපක්ෂ මහතාට කේන්ති ගොස් ඇත්තේ පරාජිත කිසිඳු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් වෙන් නොකිරීමට පක්ෂය තීරණය කර සිටියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි.