එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳව තීරණාත්ම සාකච්චාවක් ඊයේ පවත්වා තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ පක්ෂ නායකත්වය කරූ ජයසූරිය මහතාට ලබා දීමටයි.

මේ පිලිබඳව ඔහුද විරුද්ධත්වයක් පලකොට නොමැති අතර නියෝජ්‍ය නායකත්වයට වජිර අබේවර්ධන මහතා පත් කිරීමටද එහිදි පක්ෂ නායකත්වය කැමැත්ත පලකොට තිබෙනවා.

කෙසේ වෙතත් මහ ලේකම් තනතුරෙහි වෙනසක් සිදු නොවනු ඇති අතර එජාපයට හිමි මන්ත්‍රී තනතුරට නම් දෙකක් යෝජනා වී තිබෙනවා.

ඉන් එක් අයෙක් වනුයේ රුවන් විජයවර්ධන මහතා වන අතර අනෙක් පුද්ගලයා අකිල විරාජ් කාරියවසම් මහතායි.

නමුත් ඒ පිලිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ.