ඉන්දියාවෙ කැලිකට් ගුවන් තොටුපොළේදී ඊයේ සිදු වූ අනතුරෙන් මියගිය ගණන 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.අනතුරෙන් යානයේ සිටි ගුවන් යානයේ නියමුවන් දෙදෙනාද මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් යානය ඩුබායි සිට කේරලයේ කැලිකට් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඩුබායි හි සිරවී සිටි ඉන්දියානු ජාතිකයින් පිරිසක් එම යානයේ ඒ වන විටත් සිටි බවයි වාර්තා වන්නේ.මෙම B737 ගුවන් යානය අනතුරට පත් වන විට ගුවන් තොටුපොළට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පැවති අතර ගුවන් යානය ගොඩ බෑමට ගත් පලමු උත්සාහය ව්‍යර්ථ වන බැවින් නියමුවන් නැවතත් ගුවන් යානය ගොඩ බෑමට දරන උත්සාහයේදී මෙලෙස යානය ධාවන පථයෙන් ලිස්සා ගොස් තිබෙනවා.

ලිස්සා යාමෙන් පසු, ගුවන් යානය පහත් බිමක් වෙත වැටී ඇති අතර යානයේ බඳ කොටස, දෙකකට කැඩී තිබෙනවා.

එයාර් ඉන්ඩියා යානයක් වන මෙම ගුවන් යානයේ ඒ වන විට මගීන් 200 කට ආසන්න පිරිසක් සිටි අතර කුඩා දරුවන්ද එහි පසු වූ බවයි වාර්තා වන්නේ.