ඉන්දීය කේරළ ප්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.

එම අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ එහි සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩුබායි සිට මෙම යානය පැමිණ ඇති අතර අද පස්වරු 7.40 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ “එයාර් ඉන්ඩියා”ගුවන් යානයක් වන අතර හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.