ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමාවලිය අද සවස ප්‍රකාශයට පත්ව තිබූ අතර එම ලැයිස්තුවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M.Dilshan මහතාගේ නම ඇතුලත් වී තිබුනේ නැහැ.

මේ පිලිබඳව newswire වෙබ් අඩවිය ඔහුගෙන් විමසීමක් සිදුකොට තිබුනා.

එහිදී ඔහු ප්‍රකාශ කොට තිබුනේ ජාතික ලැයිස්තුවෙන් තමන් ඉවත් වන බවට වූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවයි.

ඊට අමතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාටද ලිපියක් මඟින් ඔහු ඒ බව දැනුම් දී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහ සිය පවුල වෙනුවෙන් කාලය වෙන් කල කිරීමට තමා තීරණය කර ඇති බැවින්

මෙම තීරණය ගත් බව T.M.Dilshan සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ලැයිස්තුවට T.M.Dilshan මහතාගේ නම ඇතුලත්ව තිබුනේ නැහැ.

T.M.Dilshan  පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් වුන හේතුව