ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් ලෝක කුසලාන තරඟය හෙට (06) ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.මෙම තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත අතර බොහෝ විට ජෙෆ්‍රි වැන්ඩසේ වෙනුවට යළි තිසර පෙරේරාව කැඳවීමට සූදානම් බවට එංගලන්තයෙන් වාර්තා වනවා.

එමෙන්ම ලසිත් මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරඟය වන්නේද හෙට තරඟයයි.එම නිසා හෙට තරඟය බොහෝ විට ඔහුට විශේෂ වනු ඇති.

මේ අතර කුසල් මෙන්ඩිස් හෙට තරඟය වෙනුවෙන් පුහුණු වන අයුරු අද දකින්නට ලැබුනා.ඔහු හෙට තරඟයේදී පන්දු වාර කිහිපයක් යැවීමට සූදානම් බවයි වාර්තා වන්නේ.දඟ පන්දු යවන්නෙකු ලෙසටද ඔහුගේ දක්ෂතාවය කණ්ඩායමට එක් කර ගැනීම මෙහි අරමුණයි.මීට වසර ගණනාවකට පෙරදීම ඔහුටද පන්දු යැවීමට පුරුදු වන ලෙසට එවකට තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඔහුට උපදෙස් ලබා දී තිබුනා.

කුසල් මෙන්ඩිස් පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of