කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත් කරන ලෙස එම නගර සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වුවද මැතිවරණයේ දී තම පුත්‍රයා තරග වදින සමගි ජන බලවේගය ට සහයෝගය ලබාදුන් බවට ඔවුන් පැමිණිලි කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය පවසන්නේ තමන් නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීම එක එක්කෙනාට උවමනා ලෙස කළ නොහැකි බවයි.

තමන් එසේ ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි බවත් තමන් මහජනතාවගේ ඡුන්දයෙන් නගරාධිපති ධුරයට පත්වූ බවද ඇය සඳහන් කරන්නීය.