අපේ රටේ සෑම ජනවාරී මාසයකම කැලැන්ඩර්, ඩයරි ගහනවා. අළුත් අවුරුදු සුභ පැතුම් පත් යවනවා. මහජන මුදලින් සුභ පැතුම් පත් යවන, කැලැන්ඩර් ඩයරි බෙදන දේශපාලනඥයෝ ඉන්නේ අපේ රටේ විතරයි. මේ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 740 ක් වැය කර තිබෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනතා විරෝධය එල්ල වෙන එක සාධාරණ නැද්ද..?

සාමාන්‍යයෙන් ලොව අන් රටවල හා සසඳන කල අපේ රටෙහි සෞඛ්‍ය සේවය ගුණාත්මක මට්ටමක පවතී.සැබවින්ම මෙහි වැඩි ගෞරවය යා යුත්තේ වෛද්‍යවරුන් ,සම සෞඛ්‍ය නිලධාරීන් ,හෙදියන්,සුලු සේවකයින් ඇතුලු සැබෑ සුව විරුවන්ටමය.

එහෙත් ඔවුන් වෙනුවෙන් රජයක් ලෙසට අප විසින් අදාළ පාලන කාලයන් තුලදී යුතුකම් ඉටු කර තිබේද යන්න බලයේ සිටි සියලූම පක්ෂ සිය හෘද සාක්ෂියෙන් විමසිය යුතු කරුණකි.

ලොව අන් රටවල් සෞඛ්‍ය දත්ත හා සසඳන විට අපගේ දත්තයන් හාත්පසින්ම වෙනස්‍ ය.

සාමාන්‍යයෙන් ලොව අඩු උපත් බර නිසා මෙලොව එළිය දකින දරුවන් මිලියන 2.5ක් වැනි ප්‍රමාණයගෙන් 80% ක් පමණ ජීවිතයත්,මරණයත් අතර සටන් කරති.

2017 වසර වන විට මිලියන 5.4ක් වූ ළදරුවන් සිය පස්වෙනි උපන් දිනය සැමරීමට පෙර සදහටම දෙනෙත් පියා ගන්නා ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එලෙස වයස අවුරුදු 5 ට අඩුවෙන් මිය යන දරුවන්ගෙන් අති බහුතරයම අඩු ආදායම්ලාභී පවුල්වල අය ය.

1990 වසරේදී මාතෲ මරණ 530,000 ක් සමස්ත ලෝකයෙන් වාර්තා වූ අතර , 2015 වන විට එම ප්‍රමාණය 303,000 දක්වා අඩු කර ගැනීමට සමත් විය.එහි ප්‍රතිශතය 43% කි..

ශ්‍රී ලංකාවෙන් 1990 වසරේදී 270 ක් වූ මාතෘ මරණ ප්‍රමාණය 2015 වන විට 98 දක්වා අඩු කර ගැනීමට අපගේ වෛද්‍යවරුන් ඇතුලු කාර්‍ය මණ්ඩලය සමත් විය.එහි ප්‍රතිශත අගය 64% කි.

මේ එක් ජයග්‍රහණයක් පමණි.

එහෙත් මේ හා සමානවම අපේක්ෂිත පරිදි මෙරට සෞඛ්‍ය සේවය දියුණු වී ඇත්ද යන්නද සොයා බැලිය යුතුය.

ලොව සම්මත පිලි ගැනීමට අනුව යම් රජයක් එරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් අවම වශයෙන් 5%ක් වත් වෙන් කල යුතුය.එහෙත් 70 දශකය අග භාගයේ සිට මෑතක් වන තුරුම ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය එන්න එන්නම අඩු විය.මීට වසර දෙකකට පෙර එම තත්වය 1.5% කි.

2000 වසරේ සිට 2015 දක්වා වූ ගෙවුනු වසර 15 තුල ආණ්ඩුවේ සෞඛ්‍ය වියදම් ප්‍රමාණයද 65% සිට 52% දක්වා අවම වී තිබූ අතර ,කණගාටුම කරුණ නම් ඒ සමානවම අදාළ වසර 15 ක කාලය තුලදී මහජනතාවට සිය සෞඛ්‍ය වෙනුවෙන් දැරිය යුතු මුදල් ප්‍රමාණය 35% සිට 42% දක්වා වැඩි වී තිබීමයි.

එහෙත් දත්තයන් මෙලෙස තිබුනද අදටද රෝහලකට ගිය පසුව ඇඳක් නැති ලෙඩ්ඩුන් කොපමණ සිටිත් ද..බොහොමයක් රෝගීන් හට ඇතැම් ඖෂධ ලබා ගැනීමට පවා සිදුවන්නේ ෆාමසි වලිනි.

රෝගීන්ගේ විස්තර යාවත්කාලීන කරවන E-කාඩ් ක්‍රමය තවමත් අතරමඟ ඇණහිටලාය.

වෛද්‍යවරුන්ට හෙදියන්ට මාස ගණනකින් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පවා තවමත් ගෙවා නැත.

ඉතිං ඉලක්කම් හරඹ මත අපට රටක හෙට දවස තීරණය කල නොහැක.

එබැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක සහ සාධනීය ලෙස සේවයක් කල සියලු දෙනාම වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම මාද ඇතුළුව දේශපාලකයින්ගේ ” වගකීමකි”.

වසර පහකට සැරයක් හෝ මනාපයක් ලබා ගෙන කවුන්සිලයට යන්නට වරම් දුන් මහජනතාව රෝහලේ ඇඳන් නැතිව කොරිඩොවේ හො තවත් ඇඳක් යටට වී සිටී නම් එය එසේ නොවන්නට වග බලා ගැනීම දේශපාලකයින් ගේ “යුතුකමකි”.

එබැවින් මෙකී දත්තයන් සහ කරුණු යම් සාධනීය කටයුත්තක් වෙනුවෙන් පාලකයින් යොදා ගනු ඇතැයි බලාපොරොත්තු පෙර දැරිව බලා සිටින්නෙමු.අතීතයට ශාප කරනවාට වඩා ඒ වෙනුවන් තරුණ නායකයෙකු ලෙසට කල හැකි සියල්ල කිරීමට සපථ වෙමි.

එබැවින් මෙවැනි දේ නැවැත්වීමටත්, මෙවැනි වූ දේවල් නැවැත්වීම වෙනුවෙන් සෙසු නීති බලගැන්වීමට මා ඇතුලුව කොළඹ නියෝජනය කරන ජනතා නියෝජිතයින් හට දැන් කාලය එළඹ ඇත. දේශපාලනය අමතක කොට අප ඒ වෙනුවෙන් පෙල ගැසිය යුතුව ඇත. මන්දයත් අප හමුවේ මේ පැමිණ ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආ විශාලතම ගෝලීය අර්බුදයයි..!

මම එරන්ද වැලිඅංගේ