කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් පාසල් නොගිය පිරිස 2.6% ක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

කොළඹ සහ තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් බිහි වී ඇති පාතාලයට අඩි තාලමද එය විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ භූමිතෙල් මඟින් නිවෙස්වලට ආලෝකය සපයා ගන්නා ජනතාවගේ ප්‍රමාණය 2.3% ක් බවත් ඔහු සඳහන් කරනවා.

සමාජය මතුපිටින් නොදකින එවැනි ගැටලු කොළඹ ජන සමාජය තුල බහුලව ඇති බවද ඔහු සිහි කරනවා.

දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව”වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.