කොරෝනා ආසාදන වීම හේතුවෙන් කන්දකාඩු ප්රතිකාර මධ්යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය ට ඇතුළත් කර ඇත.

පොලිසිය සදහන් කරන්නේ ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවයි.

ගැටුම ඇති වී තිබෙන්නේ කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථාන වලින් හමුවූ ආසාදිතයන් දෙපිරිසක් අතරයි.