ගම්පහ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි හෙළිදරව් වී ඇත.

කන්දකාඩු මධ්‍යස්ථානයට පිරිස් රැගන ගිය රියදුරෙකු මොහුගේ සමීපතමයෙකු වන අතර එම රියදුරාට කොවිඩ් රෝගය වැළඳී තිබෙනවා.

ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මෙම තොරතුරු තහවුරු කළේය.