ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවන කොරෝනා රැුල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා පෙන්වා දෙන්නේ අද තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවයි.

අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් තමන්ට ඇතිව ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ ඔහු රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද ඔහු කීය.

කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ලඟ ඉන්නා බව කිව හැකි යයිද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය