බඩල්කුඹුර ගල්බඩ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ඇතුළු 72 ස්වයං නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් එම පිරිවෙන් පරිශ්‍රයේම නිරෝධායනය ලක්කර ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කළේ ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සෙබළකු සහභාගි වූ ආගමික වැඩසටහනක් මෙම පිරිවෙනේ පැවැත්වී ඇති අතර භික්ෂූන් වහන්සේලා ඔහු සමඟ මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම එම සෙබළා ඒ ආසන්නයේ පිහිටි තම මහ ගෙදරට ගොස් ඇති අතර ඔවුන් ද ස්වයං නිරෝධයට ලක් කර තිබේ.

ඔහු මගී ප්‍රවාහන බස් රථයකිනි මුතියතියන්ගන විහාරස්ථානයට ගොස් ඇති අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ද පැමිණ ඇතැයි හෙළි වී ඇත.

ඒ ඔස්සේ ද විමර්ශන කටයුතු සිදු කර ඇත.