කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තවත් පුද්ගලයන් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

ඉන් පුද්ගලයන් 13 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් වන අතර ඉතිරි 30 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2511 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කලේය.