තමා ඉක්මනින්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට කල ප්‍රකාශය ගැන ඒ තරම් සැලකිල්ලක් නොදක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.පසුගියදා තානාපතිවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔවුන් මේ සම්බන්ධයෙන් ජනපතිගෙන් විමසා තිබෙන අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ , එල්ලා මැරීම සමබන්ධයෙන් තමන් ප්‍රකාශ කලේ වැඩිදුර සොයා නොබලා බවයි.

ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතු බවට වූ යෝජනාවට ජාත්‍යන්තරයේ ඇතැම් සංවිධාන විරුද්ධත්වය පල කල අතර බොහෝ දෙනෙකු කියා සිටියේ එය හොඳ තීරණයක් බවයි.මත් උවදුර මැඬලඩ සටන තව තවත් සක්‍රීය කල යුතු බව සැබෑවක් වුවත් මෙලෙස රටක ජනපතිවරයෙකු ආවට ගියාට තීන්දු ගැනීම නම් හාස්‍ය ජනක කරුණක් බවයි ඔහුගේ සමීපතමයින් පවසා සිටින්නේ.

Leave a Reply

  Subscribe  
Notify of