මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත් මග සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.

වියත්මග සංවිධානය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්නයෙන් දැනට වසර කිහිපයකට පෙර පිහිටවූවකි.

එම ලැයිස්තුව මෙසේය.

කොළඹ – සරත් වීරසේකර, අනුර ප‍්‍රනාන්දු
ගම්පහ නාලක ගොඩහේවා
මාතලේ – නාලක කෝට්ටෙගොඩ
දිගාමඩුල්ල – තිලක් රාජපක්ෂ
හම්බන්තොට – උපුල් ගලප්පත්ති
අනුරාධපුර – චන්න ජයසුමන
කුරුණෑගල – ගුණපාල රතනසේකර
මහනුවර – උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල්, සීතා අරඹෙිපොල