පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලෝක මුස්ලිම් ලීගය විසින් ලබා දෙන බව පැවැසූ ඇමරිකානු ඩොලර් මිලියනපහ මෙතෙක් ශ්‍රී ලංකාවට පිරිනමා නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලෝක මුස්ලිම් ලීගය නම් වූ සංවිධානය විසින් 2019 ජුනි 30 දින ශ්‍රී ලංකාවේ සමුළුවක් පවත්වා එහි දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවට ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ පියතුමා විසින් ප්‍රකාශයක් කළේය.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ. එම උත්සවයට මෛත්‍රිපාල සිරිසේන සහභාගී වූයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ය. කෙසේ වෙතත් මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම්. මුසම්මීල් ලෝක මුස්ලිම් ලීගයෙන් ලිඛිතව කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ ප්‍රධාන කරුණු හතක් සඳහා නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවයි.

ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව, මිය ගිය අයගේ ආගම, මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ නාම ලේඛනය, ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම, වැන්දඹුවන් සහ අනත් දරු සංඛ්‍යාව, වෙනත් අදාළ තොරතුරු සහ ජනාධිපති හෝ අගමැතිගේ පුණ්‍යාධාර ගිණුම් අංකය එම තොරතුරුය