බස්නාහිර පළාත හා දකුණු පළාතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 17ක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පවසයි.

ඉන් කණ්ඩායම් 12ක්ම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.

බියවැද්දීම් සහ කප්පම් ගැනීම් සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒ අනුව එම ක්‍රියා මැඩලීමට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් හෙතෙම පැවැසීය.

බන්ධනාගාරය තුළ සිට මෙහෙයවනු ලැබූ සංවිධාන අපරාධ මේ වන විට පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස සහ අඟුණකොළපැලැස්සට යොමුකොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට හැකි වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් සහ හදිසි ප්‍රහාරක කණ්ඩායම් කොළඹට කැඳවා බස්නාහිර පළාතේ හඳුනාගත් කලාප හතක මෙහෙයුම් ආරම්භ කොට ඇති බවද ඔහු පැවැසීය.