අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් දේශපාලනය කරන බවත්,එය ඉතා “හිරිකිත”බවටත් සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනා.

බදුල්ලේදී අද පැවති හමුවකදී ඔහු මේ පිලිබඳව යළිත් සිහි කලා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ “අගරදගුරු ” වෙනුවට අද රදගුරු යනුවෙන් ප්‍රකාශ වීම සම්බන්ධයෙන් පමණක් තමා සමාව අයදින බවයි.

වෙනත් කිසිම කරුණක් සම්බන්ධයෙන් තමා සමාව අයදීමෙන් වලකින බවට පැවසූ ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේ සිය දෙමවුපියන් විසින් හරි දේ හරි ලෙසත්,වැරදි දේ වැරදි ලෙසත් ප්‍රකාශ කිරීමට තමන්ට කියා දී ඇති බවයි.