පසුගිය වසරේදී එල්ල වූ පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කලේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමන් ගෙනගිය සටන නිසා තමන්ට එරෙහිව, තමන්ව අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කල බවයි.