ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් කිසිවෙකු මෙරටින් වාර්තා නොවීය.

මෙතෙක් මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1950 වන අතර ඉන් 1498ක් පූර්ණ ලෙස සුව වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

ඒ සමගම මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 76% ඉක්මවා තිබේ.

දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 441කි.