මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයෙන් තරග වැදීමෙන් ඉවත් වීම ආශිර්වාදයක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

සමරවීර මහතා ඇතුළු කිහිප දෙනකු ඉවත් වූවාට තම පක්ෂයට කිසිදු පාඩුවක් නැතැයි ද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන බවත් පවතින ආණ්ඩුව ජනතාවට එපා වී ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.