පසුගිය එකොළොස් වැනි දා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් දෙදෙනෙකු රිය අනතුරකට ලක් කල පුද්ගලය ඇප මත මුදා හැර තිබේ.

අදාළ රිය අනතුර නිසා එක් පොලිස් නිලධාරියකු මිය ගිය අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා සිටි.

මෙම සැකකරුවා අශාන් තරින්ද කටුගහ රත්වත්තේ නම් 24 හැවිරිදි නීති ශිෂ්‍යයෙකි.

අනතුර වූ අවස්ථාවේ බීමත්ව සිටි ඔහු අත්අඩංගුවට ගෙන ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඔහු අධිකරණයේදී පවසා ඇති මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් සාධාරණයක් කිරීමට තමන් සූදානම් බවයි.

අනතුරෙන් මිය ගියේ කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයායි.