2011 වසරේදී ලෝක කුසලාන අවසන් තාරඟය මුදලට ඉන්දියාවට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදු කල ප්‍රකාශයට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරද පිලිතුරු ලබා දී තිබෙනවා.

ඔහු පවසන්නේ එලෙස චෝදනා කරනවානම් සාක්ෂි සමඟ ඒ බව ICC හි දූෂණ මර්දන ඒකකයට පැමිණිලි නොකරන්නේ මන්ද යනුවෙන්.

මහේල ජයවර්ධනද ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙය මැතිවරණය ඉලක්ක කරගෙන සර්කස් කරුවන් විසින් සිදු කරන ප්‍රකාශයක් බවයි.