පකිස්ථානයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.ඔවුන් අද උදෑසන තානාපති කාර්‍යාලයට අයත් නිල වාහනයකින් යම් ස්ථානයක් කරා පිටව ගොස් ඇති අතර එතැන් පටන් ඔවුන් දෙදෙනා ගැන කිසිඳු ආරංචියක් ලැබී නැහැ.

මෙම සිදුවීම පිලිබඳව මේ වන විටත් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති අතර ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය සහ පාකිස්තානය අතර මත ගැටුම් පැවති බව රහසක් නොවේ.