ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති තමන් යයි මීගමු බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පැවසූ බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් බන්ධනාගාරයේ සිටි කාලයේදී තමන්ට සැලකුවේ රජකුට සලකන ආකාරයෙන් බවත් රැඳවියන් තමන්ට ඉතා ගෞරවයෙන් ආදරයෙන් සැලකූ බව තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර දුන් බවත් ඔහු පවසයි.

තමනට නෑමට උණුවතුර පවා උණු කර දුන් බවත කී ඔහු තම ජීවිතයේ රසම පොල් සම්බෝලය කෑවේ එම හිරගෙදරදී යයිද කීය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර අද පැවති පස්වරුවේ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනාරත්න මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරනවාට වඩා පහසුවෙන් තමන් සමග කටයුතු කල හැකි බවයි.