ථූපාරාම පුදබිමේ ප‍්‍රතිසංස්කරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ථූපාරාමය යනු මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබෙනවා. කෙසේවෙතත් පුදබිම ආශි‍්‍රත අනවසර ඉදිකිරීම් එහි බාහිර ස්වරූපයට සහ සැදැහැවතුන්ට බාධාවක්ව පවතින බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙස ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. මේ කරුණු සැලකිල්ලට ගනිමින් ථූපාරාම පුදබිම ආශි‍්‍රත සංවර්ධන කි‍්‍රයාවලිය පිළිබඳ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ථූපාරාමය පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ථූපාරාම වටදාගෙයට පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් හිමි වනවා. ඒ අනුව සියලූ ඉදිකිරීම් පොත පත නොකියවා දෑසින් දැක අවබෝධකරගත හැකි අයුරින් නිර්මාණය විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

නෙත් නිවුස්