මෙවර මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන් සියයට අසූවකට මත්පැන් තැබෑරුම් ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරති.

කිසියම් අපේක්ෂකයාට මත්පැන් තැබෑරුම් නැතිනම් ඒ බව ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ද උන්වහන්සේ පවසති.

ඉදිරි මැතිවරණයේදී මෙම තැබෑරුම් ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල යෙදෙන ආධාරකරුවන්ට මත්පැන් ලබාදීමට උපයෝගී කරගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.