ඇතැම් සංවිධාන ඉදිරිපත් කරන කොන්දේසිවලට එකගවී ඡන්ද ලබා ගැනීමට තමන් සූදානම් නැතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමන්ට අපේක්ෂකත්වය ලබා දීමේ දී විවිධ කොන්දේසි දැමීමට සූදානම් වු බවත් තමා ඒවා ප්‍රතික්ෂේප කළ බවත්ය.

තමාව යටත් කරගෙන වහල් කරගෙන කිසිවෙකුටත් ඉදිරි ගමනක් යාමට නොහැකි බවත් කොන්දේසි වලට යටත් නොවී පරාජය වී ගෙදර යාමට ද තමා සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Leave a Reply

  Subscribe  
Notify of