ෆේස්බුක් ගිණුමේ තමන් තැබූ සටහනක් ,අදහස් වෙනස් කර හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා විසින් කරුණු පැහැදිලි කොට තිබෙනවා.

පසුගිය දිනවල පැතිර ගිය පුවතේ ඇතැම් කරුණු ,වැරදි ලෙස වටහා ගෙන ඇති බවයි ඔහු සටහනක් තබමින් පෙන්වා දෙන්නේ.

මේ එතුමා තැබූ සටහන

මාගේ අදහස විකෘති නොකරන්න.
—————————————-

මම ගෝඨාභය ජනාදිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව මාගේ මුල් ලිපියේ සඳහන් කර නැත. කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඒ ගැන සියලු දෙනාගේ ගෞරවය එතුමාට හිමි විය යුතුමය. එසේම අප බලාපොරොත්තු වූ මුහුදු මහා විහාරය රැකගැනීම, නැගෙනහිර පළාතේ පුරාවස්තු රැකගැනීම වැනි සාධනීය කරුණු සම්බන්ධව එතුමාගේ මැදිහත්වීම හා ක්‍රියාකාරීත්වය ගැන මහත් සේ සතුටට පත්වෙමි. එබැවින් මගේ අදහස විකෘතිකර අවභාවිතා කිරීමෙන් වලකින්න. මට ඇති ප්‍රශ්නය වන්නේ එතුමාගේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා එම ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියාකරන මහජන නියෝජිතයින් පිරිසක් දී ඇති නාමයෝජනා ලයිස්තු මගින් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. මේ පිලිබද ඔබගේ අදහස්ද බලාපොරොත්තු වෙමි.

– තිස්ස ජනනායක –