බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් ඛන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකතන 02 ක් හා උපකරණ කිහිපයක් සවස සොයා ගෙන තිබේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ් ෆී උපකරණයක් මෙසේ සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන් රදවා සිටි සිරකුටියේ සිවිලිමේ මෙම දුරකතන හා උපාංග සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිස් විශේෂ කාර්යය බලකායේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙයට පෙරද කංජිපාන ඉම්රාන් (34) නැමැති මෙම පාතාල රැදවියාට ලබා දිමට ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන ආ බව කියන ඛන්ජිපාන ඉම්රාන්ගේ පියා ඇතුළු ඥාතීන් හය (06) දෙනෙකුද බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි