හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට අද ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ කැඳවා ඇත.

පසුගිය මාර්තු 16 වැනිදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ෆොන්සේකා මහතා කියා සිටියේ කොරෝනා වෛරසය වැළඳී තිබූ මෙරට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට තමනට තොරතුරු ඇති බවයි.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ප්‍රකාශයක් ලබාගැනීමට තම කාර්යයට පැමිණෙන ලෙස ෆොන්සේකා මහතා විසින් අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.