පෙම්වතියට ලියූ ලිපියක් නිවසට හසුවීම නිසා බියට පත්වූ සිසුවෙකු මහවැලි ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

වයස අවුරුදු 15ක් වන මෙම සිසුවා කටුගස්තොට පාලමෙන් ගඟට පැන ඇති අතර සිදුවීම දුටු කටුගස්තොට පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ගඟට බැස වහාම ඔහුව බේරා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 56 ක් වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරියේ නිරතව සිටියදී පිහිනා ගොස් මෙම දරුවා බේරාගෙන ඇති අතර සිය ජීවිතය පවා පරදුවට තබමින් ඔහු විසින් සිදු කල මෙම ක්‍රියාව සැබවින්ම අගය කල යුත්තක් වනවා.