ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇත.

ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ජනාදරයට පත්වූ උසස් හමුදා නිළධාරියෙකු වන බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු රණවිරුවාටද අද දිනයේදී උසස්වීමක් හිමිවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා මේජර් ජනරාල් නිලය දක්වා අද දිනයේදී උසස්වීම් ලබනු ඇත.